Wednesday, September 7, 2011



ජොන් ටාබට් කණිටු ක්‍රීඩා උළෙල 12 දා මහනුවර දී ඇරඹේ

ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සැප්තැම්බර් 12 දා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ඇරඹීමට නියමිතය.12 0ා සිට 15 වන දා දක්වා තරගාවලිය ක්‍රියාත්මක අතර සුපුරුදු පරිදි තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නෙස්ට්ලේ සමාගම වෙනුවෙන් මයිලෝ වෙළද නාමය යි.

පාසල් 330 ක් තරගාවලියට සහභාගිවන අතර වයස 12 න් පහළ,13 න් පහළ,14 න් පහළ සහ 15 න් පහළ ලෙස වයස් ඛාණ්ඩ හතරක් යටතේ තරගාවලිය නියෝජනය කිරීමට නියමිත පාසල් ක්‍රීඩක සංඛ්‍යාව 2450 ක් වන අතර ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1960 කි.තරගාවලි‍ය සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පොදු නවාතැන් පොළවල් ලෙස බාලිකාවන් ට මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයත්  ක්‍රීඩකයන් ට සුමංගල විද්‍යාලය සහ සිල්වෙස්තර් විද්‍යාලයත් ලබා දීමට පියවර ගෙන ඇත.

Thu, Sep 8, 2011 at 4:03 AM